සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍යභට බළකායේ 08 වැනි බලඇණිය එක්ව සමස්ත ලංකා ශිෂ්‍යභට තරග සඳහා සබරගමුව පළාතෙන් තෝරාගත් අප විද්‍යාලයේ යුද හමුදා ශිෂ්‍යභට අංශය ඇතුළු පාසල් පහක ශිෂ්‍යභට ඒකක සඳහා දෙදින කඳවුරක් සංවිධානය කරන ලදී.
ඒ 2022 සැප්තැම්බර් මස 25 සහ 26 දෙදින කුරුවිට ගුරු සංවර්ධන පර්යේෂණ ආයතනයේදීය. දින දෙකක නේවාසික පුහුණු කඳවුරක් ලෙස මෙය පවත්වන ලදී.