ලංකාදීපයේ සිව් දිග සිසාරා රනින් ලියවුණු
ස්වර්ණනාමය,
ර/ ඇඹි/ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය
නාගරීකරණයේ ප්‍රතිඵල ලෙස සීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කළ ඇඹිලිපිටිය නවනගරයට පාසලක ඌනතාවය අතිශය දැනෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස නවනගරයෙහි ජනාධිපති විද්‍යාලය නමින් ස්වර්ණ පුෂ්පයක් පීදෙන්නට විය.
1977 ජනවාරි මස 24 වන දින රත්නපුරයෙන් දිදුළන නවමු රුවන "ඇඹිලිපිටිය නවනගර විද්‍යාලය" ලෙසින් මහපොළොවේ යථාර්තවත් විය. මෙලෙසින් සිප් සයුර තරණය කරන යාත්‍රා තරඟයට එක් වූ අප පාසල් නෞකාවටද සෙවණ සැලසුවේ එකල, තාවකාලිකව පත් කළ විදුහල්පති ඩී. එස්. වීරකෝන් මැතිදුන්ය. මල් ගොමුවක පීදුනු නවමු මල් කිනිත්තක් සේ දිදුළන අපේ පාසලේ පොඩිත්තන් හට අකුරු කරන්නට ගුරු මෑණිවරු පියවරු පහලොස්(15) දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකට වාසනාව හිමි විය. අප පාසලේ පළමු සිසුවිය වන පී. කේ. කාන්ති ආරච්චි ඇතුලු තවත් සිසුන් එකසිය විසි හය(126) දෙනෙකුගෙන් අප ජනාධිපති විද්‍යාලය ආරම්භ විය.
මූලාරම්භයේ අප පාසලේ පැවැති භෞතික සම්පත් හා මේ වන විට අප දිනා ඇති ජයග්‍රහණ දෙස බලන කල්හි අප ආකර්කෂක වූත්, සුන්දර වූත්, ගමන් මග මනාව දැකගත හැකිය. අප පාසල දෙමහල් ගොඩනැගිලි තුනක් හා තනි ගොඩනැගිල්ලක් සමගින් තමන්ගේ සමාරම්භයේ පළමු වෙඩි මුරය නිකුත් කළේ ය.

1977 පෙබරවාරි 28 වන දින "නවනගර පාසල" ලෙස අප පාසල රජයට පවරා ගැනුනේ අප හට ඉදිරියට යෑමට තවත් අවස්ථා රැසක් දෝත මත තබමිනි. මෙලෙස ලැබුණු පන්නරය නිසාවෙන් දියුණුව, ජයග්‍රහණය යන සියලු දේ අපගේ ම උරුමයක් කරගන්නට වැඩි කලක් ගත නොවූයේ ය. අප පාසල රජය භාරගෙන මාස දෙකක් යෑමට ප්‍රථම "ඇඹිලිපිටිය නවනගරය කනිෂ්ඨ විදුහල" ලෙස උසස් කෙරිනි. මෙය අප ලැබූ ප්‍රථම ජයග්‍රහණයයි. ඉක්බිතිව, වසර තුනකට ආසන්න කාලයක් "නවනගරය කනිෂ්ඨ විදුහල" ලෙසින් එකම පවුලක් සේ ශිල්ප හදාරන්නට විය. නැවතත් 1980 වර්ෂයේ දී "ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය" ලෙස උසස් කරන ලදී. මේත් සමගම අප පාසලට විෂය බාහිර කටයුතු සම්බන්ධ භෞතික සම්පත් කිහිපයක හිමිකාරිත්වය පැවරුනි.
වර්ෂ 2008 අපට අමරණීය වර්ෂයකි. එකල විදුහල්පති වූ අබේරත්න මැතිදුන්ගේ සංකල්පයක් පරිදි 1981 දී ජාතික පාසල් අතරට එක් වූ අප "ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය" ලෙසින් අන්වර්ථ නාමයකින් හැදින්විය. අද වනවිට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය පිළිබදව නොදන්න අයෙකු නැති තරම් ය. 2012 වර්ෂය වන විට අප පාසල සුපිරි පහසුකම් සහිත, සිසුන් පන්දහසකට අධික ප්‍රමාණයක් ගුරුහරුකම් ලබන තෝතැන්නක් විය. එමෙන් ම නියෝජ්‍ය විදුහල්පතිවරු අට දෙනෙකු ද, අංශ ප්‍රධානීන් අට දෙනෙකු ද ඒ වන විට පාසලේ තනතුරු දැරීය.
අද වන විට පිහිනුම් තටාකය, ක්‍රීඩාංගනය, විද්‍යාගාර, සුහුරු පන්තිකාමර, පුස්තකාල, පොත්හල, පරිපාලන ගොඩනැගිල්ල, ආරක්ෂක කුටිය, බුද්ධ මන්දිරය, ප්‍රධාන ශ්‍රවනාගාරය, එළිමහන් පන්ති කාමර වැනි භෞතික සම්පත් රාශියක හිමිකාරීත්වය අප පාසල් මෑණියන් සතු වූයේ අපේ ම මහන්සිය මල් ඵල ගන්වමිනි.
සිසුන් 5000 කට වැඩි ඉරිසක්, ගුරුවරුන් 220 කට වැඩි පිරිසක්, කලා අංශය, විද්‍යා අංශය, වාණිජ අංශය, භාෂා අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපන ඒකකය වැනි අංශ ද ප්‍රථමාධාර ඒකකය, හරිත ඵලදායී සංවිධාන, බාලදක්ෂ කණ්ඩායම්, සෞන්දර්ය අංශය, නාට්‍ය කණ්ඩායම, පෙර අපර දෙදිග තූර්‍ය වාදන වෘදයන්, අයිරුව මාධ්‍ය ඒකකය වැනි තව තවත් විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් අප පාසල තුළ ක්‍රියාතමක වේ.
මෙලෙසින් දීර්ඝ ඉතිහාසයක කූටාප්‍රාප්තියක් ගෙන දුන් පාසලේ සම්ප්‍රාප්තිකයින්
ආදර බර මුල් ගුරු මණ්ඩලය
- ඩී.එස්.වීරකෝන්
- එච්. විමලාවතී
- එම්. කේ. ජී. ගුණසේන
- එච්. ඊ. පෙරේරා
- බී. එල් .කේ ඩේවිඩ්
- එච්. පී. ප්‍රේමාවතී
- කේ. ජී. මැගලින් නෝනා
- එල්. ඩී. ද සිල්වා
- කේ. එම් . එම්. කරුණාවතී
- එස්. ඩී. සී. සමරවික්‍රම
- ආර්. පී. සමරවික්‍රම
- ඒ. තේමිස් අප්පුහාමි
- එල්. ආර්. ද යසවතී
- වී. එම්. ජයතිලක
ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම
- පී. කේ. කාන්ති ආරච්චි
- එම්. ඩී. ඊ. එන්. අමරසිංහ
- ටී. ජී. ඩී. එස්. ප්‍රියන්ති
- ඩබ්. ඒ. ඩී. ඩී. ඩී. පෙරේරා
- ජී. අයි. සීතා කුමුදුනී
- ජී. එල්. සුසන්ත කුමාර
- ඉද්ද පියල් සරත්
- කේ. ජී. රණසිංහ
- වී. එස්. මැණීකේ
- ඩබ්. පී මල්කාන්ති
ජනපතියේ නොනිමෙන සිඟිති පහන් ඔබයි.
|
ආරම්භ කළ වර්ෂය |
1977 ජනවාරි 24 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
15 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
126 |
|
මුල් ගුරුතුමාගේ නම |
එල්.ඩී.ද සිල්වා මැතිණිය |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී.එස්.වීරකෝන් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1977 පෙබරවාරි 28 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නවනගරය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එම්.ඒ.ඩී.ඊ.එන්.අමරසිංහ |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
පී.කේ.කාන්ති ආරච්චි |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1977-01-24 |