- සෑම දරුවෙකු ම විද්‍යාලයේ අනුමත නිල ඇඳුමෙන් සැරසී පෙ.ව. 7.15 ට පෙර පාසලට ප්‍රවේශ වීමට වගබලා ගත යුතු වීම..
- පෙ.ව. 7.30 ට පාසල ආරම්භ වීමේ හඬ පටය වාදකය වීමත් සමඟ එයට නිසි ගෞරවය දක්වමින් උදෑසන පාසල් ආම්භය සඳහා ක්‍රියාකාරී සහභාගීත්වය ලබාදිය යුතුවීම. (ආගමික වතාවත්, ජාතික ගීය, පාසල් ගීය හා ඡත්ත මානවක ගාථා වාදනය කිරීමේ දී පාසලේ රැඳී සිටින සෑම පුද්ගලයෙකුම තමන් සිටින තැනම නිශ්ශබ්දව සීරුවෙන් සිටිමින් නිසි ගෞරවය දැක්විය යුතුය.).
- කාල පරිච්ඡේද වෙනස් වීම ශබ්ද විකාශන මඟින් නිවේදනය වන අතර සිය`ඵම සිසුන් තම පන්ති කාල සටහනට අනුව අදාළ ස්ථානවල පමණක් රැඳී සිටීමට වගබලා ගත යුතුවීම.
- පාසල් කාල වේලාව තුළ දී කවර හෝ බාහිර පුද්ගලයෙකු සමඟ පාසල තුළ දී කතාබහ කිරීම සපුරා තහනම් වේ.
- විදුහල්පතිගේ අවසරයකින් තොරව විද්‍යාලය තුළ කිසිඳු දැන්වීමක්, පත්‍රිකාවක්, පෝස්ටරයක්, රැස්වීමක් හෝ උත්සවයක් සංවිධානය නොකළ යුතුවීම.
- විද්‍යාලයේ ඉගෙනුම ලබන සෑම දරුවෙකු ම විද්‍යාලයෙන් පරිබාහිර සමිති සමාගම් හෝ සංවිධානවල සාමාජික වන්නේ නම් විදුහල්පති අවසරය ලබාගත යුතුවීම
- පාසල සතු පොදු දේපල ඔබගේ අනාගත පරපුරට ද සුරක්ෂිත කරදීමට වගබලාගත යුතුවීම.
- පාසල පොලිතින් හා ප්ලාස්ටික් බැහැර නොකරන පරිශ්‍රයක් නොවන බැවින් ඔබ පිටතින් රැගෙන එන එවැනි දෑ ආපසු රැගෙන යාමට වගබලාගත යුතුවීම.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි