භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PRESIDENT C.C
PRESIDENT C.C
  • Register
  • Login
PRESIDENT C.C
PRESIDENT C.C
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 1 - 5 ශ්‍රේණි
      • 6 - 11 ශ්‍රේණි
      • 12 - 13 ශ්‍රේණි
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටු
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අනෙක් විදුහල්පතිවරුන්
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

 

පිරිමි ළමුන් 

කොණ්ඩය

කොණ්ඩය කොටට කපා මනා ලෙස එක් පැත්තකට පීරා තිබිය යුතුය. ඉදිරිපස කොණ්ඩය නළලේ හරි මැද දක්වා පමණක් දිගින් විය යුතුය. (තම ඇහිබැම නොගෑවෙන පමණට) පිටුපස තම කමිස කොලරය හා කොණ්ඩය නොගෑවෙන ලෙසට ද විය යුතුය. කණ් දෙකේ ද නොගෑවිය යුතු අතර කණ ඉදිරිපස කොටස තම කණේ හරි මැද පෙනෙන ගැටිත්ත දක්වා පමණක් කොටු හැඩයට කපා දැමිය යුතුය. කොණ්ඩය උඩට පීරන්නේ නම් නළලේ සිට එහි උස අඟල් 3/4 ට වඩා නොවැඩි විය යුතුය. පොල්තෙල් හැර කිසිඳු ආලේප වර්ගයක් යෙදිය නොහැකිය. හිසෙහි සම පෙනෙන ලෙසට තීරුවක් පමණක් වටේට කොට කළ නොහැක

සපත්තු
ඔප දමන වර්ගයේ (පොලිෂ්) කළු සපත්තු පමණකි. එහි වෙනත් කිසිඳු වර්ණයක උපාංග තිබිය නොහැකිය. සපත්තුවේ යටි පතුල ද ක`ඵ පැහැති විය යුතුය. ඉදිරි හැඩය උල් හැඩය නොව U හැඩය විය යුතුය. තම මහපට ඇඟිල්ලට වඩා අඟල් 1/2 ඉදිරියට දිල ඇති සපත්තු පමණකි. ඩෙක්ෂූෂ් රෙද්ද සහිත සපත්තු පැළඳිය නොහැක. සපත්තු මේස් විවිධ වර්ණ ඒවා විය නොහැක. කළු පැහැති මේස් පමණකි. සපත්තු නොපළඳින ඕනෑම අවස්ථාවක ක`ඵ රබර් සෙරෙප්පු පමණක් ම පැළඳිය හැකිය. සෙරෙප්පු දැමීමට ඉඩ ලැබෙන්නේ විශේෂ කරුණක් යටතේ පමණි. නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ආභරණ
ඔරලෝසුවක් විභාග කාල සීමාවක පමණක් ළඟ තබාගත හැක. ඒ හැර වෙනත් කිසිඳු ආභරණයක් පැළඳිය නොහැක.

නියපොතු
කිසිඳු ලෙසකට නියපොතු වැවිය නොහැක. තම නිය පොත්තේ ස්වභාවික පැහැයට වෙනස්ව ඉදිරියට වැවී ඇති කොටස නියපොතු වැවීම ලෙසින් අදහස් කෙරේ. කොටට කපා තිබිය යුතුය. පාට කළ නොහැක.

කමිසය
තනිපට මැස්මෙන් පමණක් මසා තිබිය යුතුයග ඉදිරිපස තනි සාක්කුවක් වම් පසට අල්ලා තිබිය යුතු අතර කිසිඳු මූට්ටුවක් ඉදිරිපස නොතිබිය යුතුයග දිස්නය නොමැති සුදු රවුම් බොත්තම් පමණිග ඉදිරි සාක්කුවේ දකුණු පැත්තේ පාසල් බැජ් එක මසා තිබිය යුතුයග තම ඇඟට වඩා දෙපසට අඟල් 2 බැගින්වත් පළලට මසා තිබිය යුතුයග ශරීරයට තදට මැසිය නොහැකග කමිස අත තම අතේ වටරවුමට වඩා අඟල් 2වත් විශාල විය යුතුයග එහි දිග වැලමිට දක්වා දික්විය යුතුයග මෙහිදී මූට්ටු තිබිය නොහැකියග පිටුපස කිසිඳු වර්ගයක ප්ලීට් තිබිය නොහැකියග පිටුපස තිරස් අතට පමණක් උරහිස අසළින් මූට්ටුවක් තිබිය හැකියග කොලරයේ මූට්ටුව අසළින් එය නවා තිබිය යුතුයග සුදු පැහැති මේස් බැනියම පමණක් ඇඳිය යුතුයග විවිධ වර්ණල පින්තූරල අකුරු ඒ තුළ තිබිය නොහැකියග ඉදිරිපස යොදා තිබෙන ඉහළ පළමු බොත්තමට උඩින් යට බැනියම පෙනිය නොහැක

කලිසම
වසරේ සිට නවවන වසර දක්වා කොට කලිසම ද දහවන වසරේ සිට දහතුන වසර දක්වා දිග කලිසම ද වන්නේය. තනිපට මැස්මෙන් මසා තිබිය යුතුය. පිටුපස පොකට් සංඛ්‍යාව එකකි. එය පිටට නොව ඇතුළට මසා තිබිය යුතුය. දෙපසට පොකට් 2කි. ඒවා කලිසමේ දාරයට සමාන්තරව නොව ඇලයට මසා තිබිය යුතුය. ඩෙනිම් බොත්තම්/සිප්/බැජ් ඇල්ලීම නොකළ යුතුය. පෝල්ට් එක තම දණහිස දක්වා පහසුවෙන් එසවිය හැකි ප්‍රමාණයට වට රවුමක් තබා තිබිය යුතුය. (දණහිසේ වටරවුම පෝල්ට් එකේ ප්‍රමාණයවේ.) ඉනේ ප්‍රමාණය තම නිභිය දක්වා එසවූ පසුව ඒ ප්‍රමාණයෙන් ම රැඳී පවතින ලෙසට විය යුතුය. සිප් එක සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ශරීරයට තදව නොපෙනිය යුතුය. 6, 7, 8, 9 ශ්‍රේණිවල දරුවන් දණහිස දක්වා දිග තෙක් කොට කලිසම මැසිය යුතුය.

රැවුල
රැවුල කපන ළමයකු නම් මුහුණේ කිසිඳු ස්ථානයක රැවුල නොමැති වන ලෙසට දිනපතා රැවුල කපා පාසලට පැමිණිය යුතුය. කණිෂ්ට අංශයේ සිසුවෙකු වුවද රැවුල කැපී පෙනෙන මට්ටමකට වැවී තිබේ නම් රැවුල කැපීම ආරම්භ කළ යුතුය. කිසිඳු රැවුල් මෝස්තරයක් භාවිතා කිරීමට අවසර නැත.

පාසල් බෑගය
පාසල නිර්දේශ කර ඇති බෑගය පමණක් භාවිතා කළ යුතුය. එය සහනදායී මිලට පාසල් පොත්හලේ විකිණීමට ඇත.

 

ගැහැණු ළමුන්

කොණ්ඩය
කොණ්ඩය වවා කරල් දෙකක් වන ලෙසට ගොතා එහි අග දෙකට නමා කළු පැහැති රිබන් එකකින් බැඳිය යුතුය. කොණ්ඩය කපා ඇත්නම් කොලරයේ නොගෑවෙන ලෙසට කොටකර කොණ්ඩ කටු ගසා සිර කර තිබිය යුතුය. විවිධ වර්ණවල කොණ්ඩ කටු පැළඳිය නොහැක. කිසිඳු ලෙසකට මුහුණට කොණ්ඩය වැටිය නොහැක. ගෙතීමකින් තොරව දෙපසට කුඩා කොණ්ඩයක් බඳින්නේ නම් තම කණට ඉහළින් බැඳිය නොහැක.

සපත්තු
සුදු සපත්තු පමණි. සදු මේස් පමණි. අඟල් 4ක් පමණ උසට මේස් පැළඳිය යුතුය. සපත්තු නොමැති අවස්ථාවක දී කිසිඳු විටක විවිධ වර්ණවල අඩි උස සෙරෙප්පු පැළඳිය නොහැක. කළු පැහැති රබර් සෙරෙප්පු පමණක් පැළඳිය හැකිය. එම අවස්ථාව විශේෂිත කරුණු මත පමණක්
ලැබෙන්නකි. නිතර සෙරෙප්පු පැළඳිය නොහැක.

නියපොතු
කිසිඳු ලෙසකට නියපොතු වැවිය නොහැක. ස්වභාවික නියපොතු වර්ණයට ඉදිරියේ පෙනෙන වෙනක් වර්ණයේ නියපොත්ත නියපොතු වැවීම ලෙසට සැළකේ. හැඩ දැමීම, විවිධ වර්ණ යොදා ඔපදැමීම, රූප ඇඳීම, සපුරා තහනම් වේ.

ආභරණ
කරාබු යුගල හැර වෙනත් කිසිඳු ආභරණයක් පැළඳිය නොහැක. (මාල, මුදු, වළලු, බ්‍රේස්ලට්, නූල්.....) රන් පැහැති කරාබු යුගලක් පමණක් පැළඳිය හැකි අතර විවිධ වර්ණවල කරාබු විවිධ වර්ණ ගල් අල්ලා ඇති කරාබු පැළඳිය නොහැක. පොට තුනකින් යුතු සුදු පාට පිරිත් නූලක් අවශ්‍ය නම් බැඳිය හැකිය. අපල වෙනුවෙන් යම් ආභරණයක් පළඳින්නේ නම් දෙමාපියන් පැමිණ ඒ පිළිබඳව දැනුවත් කළ යුතු අතර ළමයා සතුව ඒ සඳහා අවසර ලබාගත් ලිපියක් හැමවිට තිබිය යුතුය. ඔරලෝසුවක් තබා ගන්නේ නම් ක`ඵ පටිය සහිත ලුමිනස් වර්ණ නොවූ ඔරලෝසුවක් තබාගත හැකිය. එය විභාග අවස්ථා සඳහා පමණි.

ගවුම
දණහිස මු`ඵමනින් ම වැසෙන ප්‍රමාණයේ දිගින් සකස් විය යුතුය. ගවුමේ යට වාටිය අඟල් 2ක් අමතර තබා තිබිය යුතු අතර ඉදිරිපස පෙනුමේ ද්විත්ව රැළි 1ක් සහ ඒ දෙපස තනි රැළි 2 බැගින් තිබිය යුතුය. (රැළි 05ක්) එක් පැති සාක්කුවක් තිබිය යුතු අතර උචිත ලෙසට කොලරය තබා තිබිය යුතුය. ගවුමේ ඉදිරිපස ඉහළ විවරය අඟල් 6ක් පහළට තබා තද කරන බොත්තම් 2ක් අල්ලා තිබිය යුතුය. ගවුමේ ඉන ශිෂ්‍යාවගේ වැළමිට ළඟට තබා තිබිය යුතු අතර අඟල් 2ක් පළල ඉන පටියක් එම ස්ථානයෙන් තදට බැඳ තිබිය යුතුය. ගවුමේ හැට්ටය කොටස ඇඟට තද නොවන ලෙසට මසා තිබිය යුතුය. ගවුම් අත දිගින් උරහිස සහ වැලමිට අතර හරි මැද ප්‍රමාණයට දික් විය යුතු අතර තම අතේ වට රවුමට වඩා අඟල් 11/2ක් විශාලව ගවුම අත මැසිය යුතුය. ගවුමේ වම්පස පාසල් සාක්කු බැජ් එක මසා තිබිය යුතු අතර පාසල් ටයි එක පැළඳීම අනිවාර්ය වේ.

රෝම බැම
කිසිඳු ලෙසකට මුහුණ, ඇහිබැම, දෙඅත, දෙකකුල් තුළ ඇති රෝම ඉවත් කිරීමක් නොකළ යුතු අතර එසේ කර ඇත්තේ නම් ඒවා නැවත වැවෙනතුරු පාසලට භාර නොගැනේ.

පාසල් බෑගය
පාසල නිර්දේශ කර ඇති බෑගය පමණක් භාවිතා කළ හැකිය. එය සහනදායී මිලට පාසල් පොත්හල තුළින් මිල දී ගත හැකිය.

PRESIDENT C.C

EMBILIPITIYA PRESIDENT'S CENTRAL COLLAGE

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • R/Emb/President's Central College,Newtown,Embilipitiya.

: (+94)0472230202

: (+94)0472230310

: [email protected]

Supported By

© 2026 PRESIDENT C.C. All rights reserved. Design with by Webcomms Global | Help Desk