2023 දෙවන පාසල් වාරයේ ආරම්භය සඳහා පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් විසින් 2023 අගෝස්තු මස 27දින සංවිධානය කර තිබූ ශ්‍රමදාන වැඩසටහන.
සෑම දිනකම වැඩිහිටියන් පාසල පිරිසිදු කර දිය යුතු යයි යන හැඟීමෙන් බැහැර ව මාගේ පාසල මගේ සේවා ස්ථානය යන හැඟීමෙන් ශිෂ්‍ය නායකයින්, පරිසර භටයින්, බාල දක්ෂයින්, ප්‍රථමාධාර අංශයේ සිසුන්, සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවේ සිසුන් සියලුම දෙනා හා ඒ ඒ අංශවල ගුරුවරුන් හා එක්ව පාසල් භූමිය පිරිසිදු කර හෙට දින අධ්‍යයන කටයුතු සදහා සූදානම් කළ අන්දම.ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය.