අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මේ සුන්දර සිරි ලංකාද්වීපයේ රෝහණ පුරවරයට මායිම් ව,සබරගමු පළාතේ ඇඹිලිපිටිය පුරවරයේ සොබා සිරියෙන් අනූන චන්ද්‍රිකාවැව වැව් තාවුල්ලට සමීපව පිහිටි අප විදුහල් මාතාව,මේ දේශයට මතු නොව මුළු ලොවටම අගනා සුරු විරු දරු පරපුරක් තනන සොඳුරු මාතාවයි, ජීවිතයේ හරයයි.
1977 වසරේ සිට මේ දක්වා දස දෙස කිතු ගොස පතුරුවමින්,විජයග්‍රාහී මාවතක ගමන් ගන්නා අප පාසල,ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ විවිධ විෂය ධාරාවන් ඔස්සේ දරුවන්ගේ නැණැස පාදන තෝතැන්නකි.
5500 කට ආසන්න ශිෂය සංඛ්‍යාවකින් සමන්විත,අප පාසලේ යසස පතුරුවන,විවිධ හැකියා දක්ෂතා ලොවට නිරන්තරයෙන් හැඩගා කියන ජනපති සිසු කැළ විදු මවට මහත් අභිමානයකි..











