ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය පරිගණක අංශය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය දරුවන්ට ඉගැන්වීමට අමතරව සිසු දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවීමේ අරමුණ පෙරදැරි කරගනිමින් විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අතරින් පාසල් පරිගණක සමාජය,රොබෝ තාක්ෂණය සහ නව නිපයුම් සංගමය,මුල් කාලයේදී ඡායාරූප සංගමය ද විශේෂයෙන් සඳහන් කළ හැකිය.ඒ සෑම වර්ෂයකදීම සිසු දරු දැරියන් සඳහා නව තාක්ෂණයන් හඳුන්වා දෙමින් විවිධ වැඩමුළු අප අංශය මගින් සංවිධානය කරනු ලැබේ.එහි ප්‍රතිඵලයන් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ සිසු දරු දැරියන් විවිධ නිර්මාණ සිදු කරමින් විවිධ ජයග්‍රහණයන් හිමිකර ගෙන තිබේ.අධ්‍යාපන අමාත්‍යංශය microbit මූලාකෘති ව්‍යාපෘතිය යටතේ පළමු පාසල් සියය අතරින් අතරෙන් එකකට අප පාසල තේරී පත්වි microbit කට්ටල කිහිපයක් ද අප පාසලට හිමි විය.
ගුරුමණ්ඩලය:
K.G.රසාරා මිය
H.H.විතාරණ මිය
Y.K.R.ලක්ෂානි සෙනෙවිරත්න මිය
D.D.I.සංජීවනී වීරසිංහ මිය
කුමාරි වන්නිආරච්චි මිය
තරිඳු සේනාරත්න මයා
